සිංහල පුවත්සඳුදා, 16 නොවැම්බර් 2026
නවතමකේප් යෝර්ක් උණුසුම දිගටම: වෙයිපා නගරයෙන් නව වාර්තා

අත්තනෝමතික නීතියක් ක්‍රියාත්මක කළ නොහැකියි: ජනපති අනුර සහතික වෙයි

අත්තනෝමතික නීතියක් ක්‍රියාත්මක කළ නොහැකියි: ජනපති අනුර සහතික වෙයි

රට ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ පනත් කෙටුම්පත මහජනතාව සහ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා නොකර ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක (Anura Kumara Dissanayake) මහතා පවසා තිබේ. ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. සිවිල් සමාජ සංවිධාන ඇතුළු පාර්ශ්ව සමග එක්ව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

බලයේ රැඳී සිටීම සඳහා නීතිය යොදාගැනීමට තම පාලනයට අදහසක් නොමැති බවත්, ඡන්දදායකයන් එසේ තීරණය කළහොත් ඉවත්වීමට සූදානම් බවත් ඔහු පැවසීය. යෝජිත නීතියට වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, නීති විශේෂඥයන් සහ විපක්ෂ දේශපාලන පක්ෂ විරෝධය පළ කරමින් සිටීම විශේෂත්වයකි.

තවත් ශ්‍රී ලංකාව පුවත්