ඔස්ට්‍රේලියාවේ පළමු ක්ෂීරපායී H5N1 කුරුලු උණ ආසාදනය තහවුරු වෙයි

ඔස්ට්‍රේලියාව (Australia), ක්ෂීරපායී සතකුට H5N1 කුරුලු උණ ආසාදනය වූ සිය පළමු සිද්ධිය නිල වශයෙන් තහවුරු කර ඇත.
දකුණු ඔස්ට්‍රේලියාවේ බීච්පෝට් (Beachport) වෙරළ ප්‍රදේශයේ මියගොස් සිටියදී හමු වූ දිගු නාසයක් සහිත ලොම් සීල් සතකුගේ මෙම ආසාදනය තහවුරු වී ඇත.
වල් පක්ෂීන් හරහා සීල් සතාට වෛරසය පැතිරෙන්නට ඇතැයි සැක කරන බවත්, එය මෙතෙක් රටේ කෘෂිකාර්මික අංශයට හෝ ගොවිපළ සතුන්ට පැතිර නොමැති බවත් ෆෙඩරල් රජය ප්‍රකාශ කළේය.
වන සතුන් අතර රෝගය පැතිරීම වැළැක්වීම දුෂ්කර බව පැවසූ නිලධාරීහු, මහජනතාවට ඇති සෞඛ්‍ය අවදානම තවමත් ඉතා අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන්හ. ආසාදනය හඳුනාගත් ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.
මෙම සීල් සතාගේ ආසාදනය, රට තුළ වාර්තාගත පළමු ක්ෂීරපායී ආසාදනය වේ. මීට පෙර ඔස්ට්‍රේලියාවේ කුකුළු පක්ෂීන්ගෙන් හෝ වෙනත් ක්ෂීරපායීන්ගෙන් මෙම වෛරසය හඳුනාගෙන නොතිබිණි. වෙරළ තීරයේ හමුවන මියගිය වන සතුන් ස්පර්ශ නොකරන ලෙසත්, ඔවුන් පිළිබඳව අදාළ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.