මාස හයක් ඇතුළත බස් ගාස්තු බැංකු කාඩ්පත්වලින් ගෙවීමට සැලසුම්

පොදු මගී බස් රථවල ගමන් ගාස්තු ණය කාඩ්පත් සහ හර කාඩ්පත් (Credit Card / Debit Card) මගින් ගෙවීමේ ක්‍රමය ඉදිරි මාස හය ඇතුළත ආරම්භ කරන බව ශ්‍රී ලංකා (Sri Lanka) ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ. ගමන් අතරතුර මගීන් සහ කොන්දොස්තරවරුන් අතර ඇතිවන වාද විවාද වැළැක්වීම මෙම පියවරේ අරමුණ බව සඳහන් වේ.