සිංහල පුවත්සඳුදා, 16 නොවැම්බර් 2026
නවතමකේප් යෝර්ක් උණුසුම දිගටම: වෙයිපා නගරයෙන් නව වාර්තා

ලෝක බැංකු සහාය ඇතිව සෞඛ්‍ය ආයතන සඳහා ඩබල් කැබ් වාහන දහයක්

ලෝක බැංකු සහාය ඇතිව සෞඛ්‍ය ආයතන සඳහා ඩබල් කැබ් වාහන දහයක්

ලෝක බැංකුවේ අරමුදල් ලබන ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (Primary Healthcare System Enhancing Project) යටතේ ලබා දුන් ඩබල් කැබ් වාහන දහයක් සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සිකුරාදා (6) අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

මෙම වාහන ග්‍රාමීය සහ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට යොදා ගන්නා අතර, බෝවන රෝග වැළැක්වීමේ සහ පාලනය කිරීමේ වැඩසටහන්වලට සහ මානසික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට ද සහාය වනු ඇත.

ඒවා නුවරඑළිය, පුත්තලම, මොණරාගල, පොලොන්නරුව, කළුතර, මාතර, රත්නපුර, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) කාර්යාල වලට සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයට වෙන් කර ඇත.

තවත් ශ්‍රී ලංකාව පුවත්