පොලිසිය ICE සමඟ සහයෝගය තියුනු ලෙස සීමා කරමින් හූස්ටන් නගරාධිපති නියෝගයක් නිකුත් කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වැඩිම ජනගහනයක් සිටින නගරය වන හූස්ටන් (Houston) හි නගරාධිපති, නගර පොලිස් බලකායේ ඇමරිකා ආගමන හා රේගු බලාත්මක කිරීමේ සේවය (US Immigration and Customs Enforcement - ICE) සමඟ සහයෝගය තියුනු ලෙස සීමා කරමින් නියෝගයක් නිකුත් කර ඇත.
නගරාධිපති ජෝන් විට්මයර්ගේ (John Whitmire) විධායක නියෝගය සිකුරාදා (6) නිකුත් කරන ලදී. එය සම්ප්‍රදායිකව රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වන ටෙක්සාස් ප්‍රාන්තයේ මැතිවරණයකින් ප්‍රාන්ත මට්ටමේ තනතුරු ඩෙමොක්‍රටික් පක්ෂය අත්පත් කර ගැනීමෙන් දින කිහිපයකට පසුව ය.
නියෝගයට අනුව, හූස්ටන් පොලිසිය ICE අමතන්නේ සිරදඬුවම් ලැබිය හැකි වරදක් සඳහා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් විට පමණි. සුළු රථවාහන උල්ලංඝනයන් සඳහා නවතා ගන්නා පුද්ගලයන් තවදුරටත් ICE වෙත වාර්තා නොකෙරේ.
තීරණය ගැනීමට පෙර ටෙක්සාස්හි අලුතින් තේරී පත් වූ ආණ්ඩුකාරවරයා, නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා සහ ගණකාධිපතිවරයා (comptroller) සමඟ සාකච්ඡා කළ බව විට්මයර් පැවසීය.