යුරෝපා වෙළෙඳ සහනයට යළි අයදුම් කිරීමට ඇඟලුම් අංශයේ ප්‍රසාදය

යුරෝපා සංගමයේ (European Union) නව දස අවුරුදු වෙළෙඳ රාමුව යටතේ GSP+ සහන ක්‍රමයට නව අයදුම්පතක් ඉදිරිපත් කිරීමට රජය දක්වන කැපවීම ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum) අගය කර ඇත. "ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට GSP+ යනු හුදු තීරුබදු සහනයක් නොවේ. එය අපගේ විශාලතම වෙළෙඳපොළේ අපනයනකරුවන්ගේ තරගකාරීත්වය ආරක්ෂා කරමින් සේවකයන් ලක්ෂ ගණනක ජීවනෝපාය සුරකියි" යනුවෙන් එම කර්මාන්ත සංවිධානය නිවේදනයක පැවසීය.
සංශෝධිත රාමුව යටතේ GSP+ ප්රතිලාභ සුරකිමින් යුරෝපා වෙළෙඳපොළට දිගුකාලීන ස්ථාවර ප්‍රවේශයක් දිය හැකි විකල්ප ක්‍රම සොයාබලන රජයේ ද්විත්ව ප්‍රවේශයද සංසදය පිළිගත්තේය. ක්ෂණික ආරක්ෂාව සහ අනාගත සැලසුම් අතර මෙම සමබරතාව කර්මාන්තයට අවශ්‍යම දෙය වන අතර අපනයනකරුවන්ටත් ආයෝජකයන්ටත් විශ්වාසයක් ලබාදෙන බව එය පැවසීය.
නැවත අයදුම් කිරීම සම්පූර්ණ කිරීමත් යාවත්කාලීන සුදුසුකම් හා අනුකූලතා අවශ්‍යතා සපුරාලීමත් අත්‍යවශ්‍ය බව සංගමය සඳහන් කළේය. "කම්කරු පිළිවෙත්, පරිසර ආරක්ෂාව සහ යහපාලනය පිළිබඳ ප්රමිතීන් අපි දිගටම රකිමු. ඒවා යෝජනා ක්රමයේ මූලික වටිනාකම්ය" යනුවෙන් එය පැවසීය.
ඇඟලුම් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ආදායම් අංශයයි. 2025දී එහි අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවූ අතර එය රටේ සමස්ත අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 17.25න් දළ වශයෙන් 32%කි. ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනවලින් 24%ක් පමණ මිලදී ගන්නා යුරෝපා සංගමය එම කාර්යසාධනයට මූලිකය. අයදුම් ක්‍රියාවලියේදී රජය සහ සියලු පාර්ශ්වකරුවන් සමග සමීපව කටයුතු කරන බව සංගමය පැවසීය.