කුරුණෑගලදී නිවැසියෙකු කපා මරා දමයි; බිරිඳ සහ දියණිය බරපතල තුවාල ලබයි

කුරුණෑගල - වාරියපොළ, හල්මිල්ලෑව (Kurunegala - Wariyapola, Halmillewa) ප්‍රදේශයේ නිවසක අද (07) අලුයම සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එම නිවසේ කුලී පදනම මත නැවතී සිටි පුද්ගලයෙකු නිවෙස් හිමියාට මෙන්ම ඔහුගේ බිරිඳට සහ දියණියටද පහර දී ඇති බව පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් 56 හැවිරිදි නිවෙස් හිමියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ බිරිඳ සහ දියණිය රෝහල්ගත කර තිබේ. සැකකරු පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.