මෙල්බර්නයේදී කාන්තාවකට අතවර කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් පුහුණුකරු වරදකරු වේ

ශ්‍රී ලාංකික ක්‍රිකට් පුහුණුකරුවෙකු කාන්තාවකට අසභ්‍ය අතවරයක් කිරීමේ චෝදනාවෙන් මෙල්බර්න අධිකරණයක් විසින් වරදකරු කරන ලදී.
මෙල්බර්නයේ පදනම්ව සිටින පුහුණුකරුවෙකු සහ හිටපු ශ්‍රී ලංකා A ක්‍රීඩකයෙකු වන සුරන්ජිත් සිල්වා (Suranjit Silva, 51), 2025 ජනවාරි 26 වන දා සන්බරි (Sunbury) දී සිදු වූ සිදුවීම සම්බන්ඳයෙන් බ්‍රෝඩ්මෙඩෝස් මැජිස්ට්‍රේට් අධිකරණයේදී (Broadmeadows Magistrates' Court) වරදකරු කරන ලදී.
සිල්වා චෝදනාව ප්‍රතික්ෂේප කර විභාගයක් ඉල්ලා සිටි නමුත්, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ වලින් පසුව නඩුව තීන්දුව දක්වා ගෙන ගියේය. අධිකරණයට කියවා දුන් බලපෑම් ප්රකාශයේදී, එම කාන්තාව තමාට සිදු වූ දරුණු මානසික පීඩනය විස්තර කළාය; කිසිවෙකුට තමන්ගේ පෞද්ගලික නිදහසට හෝ සිරුරට කැමැත්තකින් තොරව උල්ලංඝනය කිරීමට අයිතියක් නැති බවත්, සිදුවීමෙන් පසුව තමා අනාරක්ෂිත සහ බියට පත්ව සිටි බවත් ඇය පැවසුවාය.
ආරක්ෂක පැත්ත තර්ක කළේ මෙය මොහොතක වැරැද්දක් බවත්, ස්ථිර පදිංචිකරු වන ඔහුට පෙර අපරාධ වාර්තාවක් නැති බවත්, මෙම තීන්දුවෙන් ඔහුගේ ව්‍යාපාරයට සහ වීසා තත්ත්වයට හානි විය හැකි බවත්ය.
අවුරුදු දහයකට පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ, දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහු මට්ටම් 2 හි පිළිගත් ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි. ඔහු ඇප මත මුදා හරින ලද අතර, මේ මාසයේ 26 වන දා ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතය.