සිංහල පුවත්සඳුදා, 16 නොවැම්බර් 2026
නවතමකේප් යෝර්ක් උණුසුම දිගටම: වෙයිපා නගරයෙන් නව වාර්තා

පර්ත්හි ශ්‍රී ලාංකික පවුලක නිවස ගින්නෙන් විනාශ වෙයි, රක්ෂණ ගෙවීම් ලැබෙන්නේ නැහැ

පර්ත්හි ශ්‍රී ලාංකික පවුලක නිවස ගින්නෙන් විනාශ වෙයි, රක්ෂණ ගෙවීම් ලැබෙන්නේ නැහැ

ඕස්ට්‍රේලියාවේ පර්ත් (Perth) නුවර ජීවත් වන ශ්‍රී ලාංකික යුවළකට, ඔවුන්ගේ නිවස ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වීමත් සමඟ නිවසක් නොමැති තත්ත්වයට මුහුණ දීමට සිදු වී තිබේ. ජීවිත හානි සිදු වී නොතිබුණත්, ඔවුන්ගේ මූල්‍ය පාඩුව දරුණු ය.

වසර දෙකකට පෙර තම ඉතිරිකිරීම් යොදවා ඉතා බලාපොරොත්තුවෙන් අලුතෙන් ඉදිකළ එම නිවස මෑතකදී සිදු වූ ගින්නෙන් ජීවත් වීමට නොහැකි තරාතයට හානි විය.

කුඩා අත්පසුවීමක් නිසා ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම පාඩුව සම්බන්ධයෙන් රක්ෂණය (insurance) ඉල්ලා සිටීමට ඔවුන්ට නොහැකි වී ඇති අතර, එය නැවත ඉදිකිරීම අති විශාල අභ්‍යෝගයක් බවට පත් කර තිබේ.

දෙදෙනාම දැනට ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නිරත වුවත්, වසර ගණනක් තිස්සේ ඉතිරි කළ මුදල දවසකින් නැති වීම හේතුවෙන් ඔවුන්ට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදු වී තිබේ. ශ්‍රී ලාංකික ප්‍රජාව පවුලට සහාය වෙමින් සිටින බව පැවසේ.

කුඩා අත්පසුවීමක් මෙතරම් විශාල පාඩුවක් ඇති කිරීම පවුලේ වේදනාව වැඩි කර ඇති අතර, නිවසේ රක්ෂණ කොන්දේසි නිසි පරිදි පවත්වා ගැනීමේ වැදගත්කම මෙම සිදුවීම යළිත් අවධාරණය කරයි.

තවත් ඕස්ට්‍රේලියාව පුවත්