14වන ලියෝ පාප්වහන්සේ උරුගුවේ, ආර්ජෙන්ටිනාව සහ පේරු සඳහා දින 12ක ලතින් ඇමරිකා සංචාරය අරඹයි

14වන ලියෝ පාප්වහන්සේ (Pope Leo XIV) ලතින් ඇමරිකාවට දින 12ක අපොස්තලික ගමනක් ආරම්භ කිරීම සඳහා සිකුරාදා (නොවැම්බර් 6) පෙ.ව. 7.05ට රෝමයේ ෆියුමිචිනෝ (Fiumicino) ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.
උරුගුවේ, ආර්ජෙන්ටිනාව සහ පේරු යන රටවල් තුනකට උන්වහන්සේ පිවිසෙනු ඇත.
උන්වහන්සේගේ පාප් ධූරය ආරම්භයේ සිට කරන හයවන විදේශ සංචාරය මෙයයි.