රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් කොන්දේසි සපුරාගත නොහැකිව යළි රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකාවේ (Sri Lanka) හිටපු විදේශ අමාත්‍ය (minister) රෝහිත බෝගොල්ලාගමට (Rohitha Bogollagama) කොළඹ (Colombo) මහාධිකරණය (High Court) ඇප මත මුදාහැරීමට අවසර ලබා දුන්නේය. එහෙත් අධිකරණය පැනවූ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ බැවින් ඔහු යළි බන්ධනාගාර භාරයට පත් කර තිබේ.