කියෙව් වෙත රුසියානු මිසයිල ප්‍රහාරය: දෙදෙනෙකුට තුවාල, නිවාසවලට හානි

රුසියානු (Russia) හමුදා සෙනසුරාදා යුක්රේනයේ (Ukraine) අගනුවර වන කියෙව් (Kyiv) වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව නගරාධිපති විටාලි ක්ලිච්කෝ (Vitali Klitschko) පැවසීය. යළි ප්‍රහාර එල්ල විය හැකි බවට යුක්රේන ජනාධිපති (president) වොලොදිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල විය.
ප්‍රහාරයේ සුන්බුන් නගරයේ බටහිර දිස්ත්‍රික්කයක පිහිටි මහල් පහක නේවාසික ගොඩනැගිල්ලක් මතට පතිත වූ බවත්, තවත් නේවාසික ගොඩනැගිල්ලක ඉදිරිපසට ද හානි සිදු වූ බවත් නගරාධිපතිවරයා ටෙලිග්‍රෑම් (Telegram) ඔස්සේ සඳහන් කළේය. නගරයේ හමුදා පරිපාලනය සඳහන් කරන පරිදි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටි ගොඩනැගිල්ලකට ද හානි සිදුව තිබේ. තවදුරටත් ප්‍රහාර එල්ල විය හැකි බවට බලධාරීහු අඛණ්ඩව අනතුරු අඟවා සිටිති.