ට්‍රම්ප්-පුටින් ගිවිසුම තිබියදීත් රුසියානු ඩීසල් ඇමෙරිකාවට නැහැ; නැව් මඟ වෙනස් කරයි

පවතින සම්බාධක තිබියදීත් රුසියානු ඩීසල් තොග ඇමෙරිකාවට සහ ලෝක වෙළෙඳපොළට මුදාහැරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් (Vladimir Putin) ඔක්තෝබරයේ ඇතිකරගත් ගිවිසුමෙන් මසකට පසුවත්, ඩීසල් ඇමෙරිකාවට ළඟා වී නැත. ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය ඇරඹීමෙන් පසු ඇමෙරිකාවේ ඩීසල් මිල දෙගුණයකට ආසන්න වී ඇති පසුබිමක මෙය සිදුවේ.
ගිවිසුමෙන් පසු රුසියාව ඩීසල් පිරවූ ටැංකි නැව් හතරක් පිටත් කළේය. ඇමෙරිකානු නැගෙනහිර වෙරළ බලා ප්‍රිමෝර්ස්ක් (Primorsk) වරායෙන් පිටත්වූ ටැලිස්මන් (Talisman) සහ ලෙරුඕ (Leruo) නැව් දෙකෙන් එකක් දැන් බ්‍රසීලය දෙසටත්, අනෙක මධ්‍යධරණී මුහුද දෙසටත් හැරී ඇති බව නැව් නිරීක්ෂණ දත්ත පෙන්වයි. තෙවැනි නැවක් නිව්යෝර්ක් ගමනාන්තය "නියෝග ලැබෙන තෙක්" (for orders) ලෙස වෙනස් කර ඇත.
සම්බාධකවලට යටත් සීෂෙල්ස් (Seychelles) හිමිකරුවෙකුට අයත් ටැංකි නැවක් ද ඇමෙරිකාව දෙසට ගමන් කරන බව වාර්තා වේ. වෙළෙඳුන්ගේ මැළිකම ගිවිසුමේ ප්‍රායෝගික අනාගතය පිළිබඳ සැක මතුකර තිබේ.