ශ්‍රී ලාංකික විද්‍යාඥයාගේ නායකත්වයෙන් දෘශ්‍යාබාධිතයන්ට මගපෙන්වන AI රොබෝ සුනඛයෙක්

ඕස්ට්‍රේලියාවේ (Australia) සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (University of Technology Sydney) පර්යේෂකයෝ, දෘෂ්ටි ඌනතා සහ අන්ධභාවය ඇති පුද්ගලයන්ට සහාය වීම සඳහා කෘත්‍රිම බුද්ධියෙන් (artificial intelligence) බලගැන්වෙන නව රොබෝ මාර්ගෝපදේශක සුනඛයෙකු සංවර්ධනය කරමින් සිටිති.
ශ්‍රී ලාංකික (Sri Lankan) රොබෝ තාක්ෂණ සහ යාන්ත්‍රික-ඉලෙක්ට්‍රොනික තාක්ෂණ (mechatronics) විශේෂඥ සරත් කොඩගොඩ (Sarath Kodagoda) මෙම ව්‍යාපෘතියට නායකත්වය දෙයි. සාමාන්‍ය සුනඛයෙකුට බොහෝ සමානව සැලසුම් කර ඇති මෙම රොබෝව, තම වටපිටාව හඳුනාගැනීමටත්, මිනිසුන් සමග කතාකරමින් ඔවුන්ට මගපෙන්වීමටත් AI තාක්ෂණය සහ සංවේදක භාවිත කරයි.
තත්කාලීන AI තීරණ ගැනීමේ හැකියාවෙන් සමන්විත මෙම පද්ධතිය, පරිසරය හඳුනාගැනීමට LiDAR වැනි උසස් සංවේදක භාවිත කරන අතර, ආරක්ෂිත ගමනක් සහතික කිරීම සඳහා පරිශීලකයාගේ අවශ්‍යතා අනුව මාර්ග සැලසුම් කරයි.
උදාහරණයක් ලෙස, පරිශීලකයෙකු තේ කඩයකට යාමට අවශ්‍ය බව පැවසූ විට, රොබෝව ආසන්න ස්ථාන හඳුනාගෙන විකල්ප මාර්ග යෝජනා කරයි. දෘෂ්ටි ඌනතා ඇති පුද්ගලයන්ට ස්වාධීනව ගමන් කිරීම සඳහා මෙම තාක්ෂණය නව අවස්ථා විවෘත කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පර්යේෂකයෝ පවසති.