සිංහල පුවත්සඳුදා, 16 නොවැම්බර් 2026
නවතමකේප් යෝර්ක් උණුසුම දිගටම: වෙයිපා නගරයෙන් නව වාර්තා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට තායිලන්තයේ රැකියා ලබා දීමේ සැලැස්මක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට තායිලන්තයේ රැකියා ලබා දීමේ සැලැස්මක්

ශ්‍රමික පුරප්පාඩු පියවීමේ අරමුණින් මූලික අදියරේදී ශ්‍රී ලංකාවෙන් (Sri Lanka) ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත (Thailand) රජය අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා විදේශ ශ්‍රමික කළමනාකරණ ප්‍රතිපත්ති කමිටුව (Foreign Worker Management Policy Committee) නොවැම්බර් 6 වැනිදා අවසර ලබා දුන් බව තායිලන්ත කම්කරු අමාත්‍ය ජුලපන් අමෝන්විවත් (Julapun Amornvivat) ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කරන ලද ශ්‍රම සහයෝගිතා අවබෝධතා ගිවිසුම (Memorandum of Understanding) මත පදනම්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ශ්‍රමිකයන් බඳවා ගැනීම, රැකියා ගිවිසුම්, වෛද්‍ය පරීක්ෂණ සහ ශ්‍රමිකයන් යළි මව්බිමට යැවීමේ ක්‍රියාපටිපාටි මේ යටතේ නියාමනය කිරීමට නියමිතය. නීතිවිරෝධී බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම් වැළැක්වීමේ ආරක්ෂක පියවරද ඊට ඇතුළත් වේ.

තවත් ශ්‍රී ලංකාව පුවත්