ඇමරිකානු MV-22B ඔස්ප්‍රේ ගුවන් යානය කටුනායකට පැමිණේ

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් බෝයිං (Boeing) MV-22B ඔස්ප්‍රේ (Osprey) ගුවන් යානයක් ඊයේ දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය. මෙම යානය හෙලිකොප්ටරයක් ලෙසත් ස්ථාවර පියාපත් සහිත ගුවන් යානයක් ලෙසත් ක්‍රියාකරවිය හැකිය.
තම පියාපත්වල සවි කර ඇති රොටර් අවශ්‍ය පරිදි ඇල කිරීමෙන්, එයට හෙලිකොප්ටරයක් මෙන් සිරස් අතට ඉහළට නැගී සාමාන්‍ය ගුවන් යානයක් මෙන් වේගයෙන් පියාසර කළ හැකිය. එයට ගුවන් ගමනට ධාවන පථයක් අවශ්‍ය නොවීම එහි විශේෂත්වයයි.