ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා නොවැම්බර් 20 දක්වා රිමාන්ඩ්

මාතර (Matara) කොට්ටවිල (Kottawila) පොලිස් ස්ථානයේ පරිපාලන අංශය භාරව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත (Varuni Bogahawatta) ඇතුළු සැකකරුවන් පස්දෙනකු නොවැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (Matara Chief Magistrate's Court) නියෝග කර තිබේ.
වාහනයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික (lease instalments) ගෙවීමට භාවිත කළ මුදල්වල මූලාශ්‍රය හෙළි නොකිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (Criminal Investigation Department) ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.
අදාළ වාහනයේ කල්බදු වාරික ගෙවා ඇත්තේ මාතර සමුපකාර සමිතියේ රුපියල් බිලියනයකට අධික මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයකු යැයි පැවසේ.
විමර්ශන අවසන් කර ඒවායේ වාර්තා නොවැම්බර් 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය.