විභාග සමයේ වික්ටෝරියා විභාග අධිකාරියේ වෙබ් අඩවියට අනවසර ප්රවේශයක්

සිසුන්ගේ විභාග පැවැත්වෙන අතරතුර වික්ටෝරියා විෂයමාලා හා ඇගයීම් අධිකාරියේ (VCAA - Victorian Curriculum and Assessment Authority) වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසීමේ (hack) සිද්ධිය පිළිබඳ අධිකාරිය විමර්ශනය කරමින් සිටියි. වික්ටෝරියා ප්රාන්ත සිසුන්ගේ විභාග නොවැම්බර් 18 දක්වා පැවැත්වීමට නියමිත බැවින් මෙම සිද්ධිය සිසුන් හා දෙමාපියන් අතර කනස්සල්ල ඇතිකර ඇත. විභාග කටයුතුවලට කිසියම් බලපෑමක් ඇතිවූයේද යන්න පිළිබඳ අධිකාරිය මෙතෙක් සවිස්තර තොරතුරු ලබාදී නැත.
එදින හෝ ඊට පෙර සතිවල විභාග ප්රශ්න පත්රවලට පිවිසී ඇති බවට සලකුණු නොමැති බව VCAA ප්රකාශ කර ඇත. ප්රහාරයේ පරාසය දැනගැනීම සඳහා ඩිජිටල් අධිකරණ විමර්ශනයක් (forensic investigation) සිදුවෙමින් පවතී.