වරකාපොල මහේන ප්‍රදේශයේ බස්-වෑන් රථ ගැටුමකින් තිදෙනෙකු මරුට, හතර දෙනෙකුට තුවාල

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල, මහේන ප්‍රදේශයේ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ වෑන් රථයක් ඊයේ (7වන දා) ගැටීමෙන් අනතුර සිදු වූ බව පොලීසිය පැවසීය.
අනතුරු ස්ථානයේදීම තිදෙනෙකු මිය ගිය අතර තවත් හතර දෙනෙකුට තුවාල සිදු විය.
තුවාල ලැබූවන් අසල රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිති.
අනතුරට හේතු වූ කරුණු පිළිබඳව වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.